ඔබ සොයන තොරතුරු ඔබගේ භාෂාවෙන් සොයා ගැනීමට නොහැකි නම්, ඔබට අවශ්‍ය සේවා සොයා ගැනීම සඳහා පහත සම්බන්ධතා උපකාර වනු ඇත.

Translating and Interpreting Service (TIS) National (ජාතික පරිවර්තන සහ තෝල්ක සේවාව)

සංක්‍රමණ සහ දේශසීමා ආරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ (Department of Immigration and Border Protection (DIBP)) TIS National මගින් දිනකට පැය 24ක් පුරාත් සතියකට දින 7ක් පුරාත් දුරකථන භාෂා පරිවර්තන සේවා ලබාදේ. ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක සිට දුරකථන අංක 13 14 50 ඔස්සේ මෙම සේවාව දේශීය ඇමතුම් ගාස්තුවකට ලබාගත හැකිය.

National Accreditation Authority for Translators and Interpreters (NAATI) (භාෂා පරිවර්තකයන් සහ තෝල්කයන් සඳහාවූ ජාතික ප්‍රතීත අධිකාරිය)

NAATI මගින් ප්‍රතීත හෝ පිළිගත් පරිවර්තකයෙකු හෝ තෝ්ල්කයෙකු සොයා ගැනීම සඳහා ඔබට පහත දේ කල හැකියඃ

  • ඔවුන්ගේ මාර්ගගත නාමාවලිය බැලීම
  • දුරකථන අංක 1300 557 470 ඔස්සේ NAATI ඇමතීම මගින් ඕස්ට්‍රේලියාව තුල පමණි)

Yellow Pages (යෙලෝ පේජස්)

යෙලෝ පේජස් හි "Interpreters" හෝ "Translators" සොයා බැලීම මගින් ඔබට තෝල්කයන් සහ පරිවර්තකයන් සොයා ගත හැකිවේ.

Services Australia information in other languages (මානව සේවා දෙපාර්තමේන්තුවේ වෙනත් භාෂාවලින් තොරතුරු)

පහත සඳහන් තොරතුරු ඇතුළු, බොහෝ පරිවර්තිත මාර්ගගත ප්‍රකාශන මානව සේවා දෙපාර්තමේන්තුව මගින් සපයාදේ.

  • අළුතින් පැමිණි සංක්‍රමණිකයන් සඳහා
  • අර්ධ කාලීන සහ අනියම් සේවකයන් සඳහා
  • ඕස්ට්‍රේලියාව සහ වෙනත් විවිධ රටවල් අතර ඇතිකරගත් සමාජ ආරක්‍ෂණ ගිවිසුම් සම්බන්ධව
  • ගෙවීම් සහ සේවා සම්බන්ධව

Services Australia interpreter and translation services (මානව සේවා දෙපාර්තමේන්තුවේ තෝල්ක සහ භාෂා පරිවර්තන සේවා)

මානව සේවා දෙපාර්තමේන්තුව මගින් ඔබ හට රහසිගතව ගෙවීම් සහ සේවා සඳහා අයදුම් කිරීමට නොමිළේ තෝල්ක සහ පරිවර්තන සේවා ලබාදේ.

Department of Immigration and Border Protection (DIBP) (සංක්‍රමණ සහ දේශසීමා ආරක්‍ෂණ දෙපාර්තමේන්තුව)

නව සංකමණිකයන් සහ වීසා බලපත්‍ර ලබා ගැනීමට උනන්දුව ඇති අය සඳහා DIBP හට පරිවර්තිත සම්පත් ලැයිස්තුවක් ඇත.

The Australian Taxation Office (ATO) information in other languages (ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වෙනත් භාෂාවලින් තොරතුරු)

ATO මගින් ඕස්ට්‍රේලියාවේ බදු සම්බන්ධයෙන් ඔබ හට අවබෝධ කර ගැනීමට උපකාර කිරීමට මාර්ගගත ප්‍රකාශන සපයාදේ. අරාබි, ආසිරියන්, ඔස්ලෑන්, බුරුම, චීන, ක්‍රෝෂියන්, ඩාරි, ඩින්කා, ෆාසි, ගී්‍රක්, හින්දි, ඉන්දුනීසියානු, ඉතාලි, ජපාන, කැරන්, කේමර්, කොරියානු, මැසිඩෝනියානු, රුසියානු, සර්බියානු, සෝමාලි, ස්පාඤ්ඤ, තායි, ටර්කියානු සහ වියට්නාම භාෂාවලින් මෙම තොරතුරු ලබාගත හැකිය.

Was this page helpful?

Thanks for sharing your feedback with us.

Why not?

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.